ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා. ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමටයි තීරණය කර ඇත්තේ. ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක් එම මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 15 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය අය අතරට පිරිමි පුද්ගලයින් 6ක් සහ කාන්තාවන් 9ක් ඇතුළත්. බදුල්ල ශික්ෂණ රෝහල සඳහන් කළේ මියගිය පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථෙය් රියදුරු ද සිටින බවයි. මෘතශරීර තැන්පත් කර ඇත්තේ දියතලාව, බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වලයි. තුවාල ලැබූවන් තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. ඔවුන් සියලුදෙනා තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් තංගල්ල නගර සභා සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ද වනවා. පිරිමි පුද්ගලයින් 6ක්, කාන්තාවන් 5ක්, පිරිමි දරුවන් 3ක් සහ දැරියන් දෙදෙනෙකු ඇතුළු 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

By 5qlms

Leave a Reply

Your email address will not be published. Required fields are marked *