සිම්බාබ්වේහීදී පළමුවරට පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හෙට අවස්ථාව උදා වනවා. ඒ, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ජය ගනිමින්. හරාරේ ක්‍රීඩාංගණයේදී තරඟය හෙට ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 05ටයි. දෙරට අතර පැවති පළමු තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුලු 04ක විශිෂ්ට ජයක් වාර්තා කළා. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරඟයද ජයගත හැකි වුවහොත් දෙරට අතර පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ජයග්‍රහණය ලබාගත හැකි වනවා. මේ අතර වසර 27කට පසු එංගලන්තයේදීම එංගලන්තයට එරෙහිව එක්දින තරඟාවලියක් ජය ගැනිමට දකුණු අප්‍රිකාවට හැකි වි තිබෙනවා. ඒ, දෙරට අතර පැවති දෙවන එක්දින තරඟය ලකුණු 05කින් ජය ගනිමින්. මීට පෙර දකුණු අප්‍රිකාව, එංලන්තයේදී එක්දින තරඟාවලියක් ජය ගත්තේ 1998 වසරේදීයි.

By 5qlms

Leave a Reply

Your email address will not be published. Required fields are marked *