තායිලන්තය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙක් පත් වී තිබෙනවා. ව්‍යාපාරික ධන කුවේරයෙකු වන අනුටින් චාන්විරකුල් අගමැති ධුරයට තෝරාගෙන ඇත්තේ එරට පාර්ලිමේන්තුව විසින්. ඒ අනුව වසර දෙකක් තුළ එරටට පත් වූ තුන්වන අග්‍රාමාත්‍යවරයා ඔහුයි. තායිලන්තයේ බලවත්ම දේශපාලන රාජවංශයට අයත් පේටොංටාර්න් ෂිනවත්‍රා, පසුගිය සතියේ එරට ව්‍යවස්ථාමය අධිකරණය විසින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළා. ඒ, කාම්බෝජය සමඟ දේශසීමා ආරවුල හැසිරවීම සම්බන්ධයෙන් සදාචාරාත්මක උල්ලංඝනය කිරීමේ චෝදනාවට අදාළවයි. ඒ අනුව නව අග්‍රාමාත්‍ය අනුටින්, එම ධුරයට පත්වීම, 2001 දී තක්සින් ෂිනවත්‍රා අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ දා සිට තායිලන්ත දේශපාලනය ආධිපත්‍යය දැරූ ෂිනවත්‍රා පවුලට සැලකිය යුතු පහරක් එල්ල කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

By 5qlms

Leave a Reply

Your email address will not be published. Required fields are marked *