කෝටි 29ක මැණික් කටුනායකදී මාට්ටු

රුපියල් විසි නව කෝටි දස ලක්ෂයක් වටිනා මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ කාන්තාවක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .

ඇය කොළඹ , ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි .

ඇය අද (30) අලුයම 03.13 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 274 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම කාන්තාව ඇද සිටි ඇදුම් අතර කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 311 මිලි ග්‍රෑම් 75 ක් ( 2311.75 g ) බරැති මෙම මැණික් තොගය සගවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *