ඌරන්ට ඇටවූ විදුලි රැහැනට මව බිලි:පුතා දියණිය රෝහලේ

නාගොල්ලාගම තිඹිරිවැව ප්‍රදේශයේ ගෙවත්තක වල් ඌරන් දඩයම් කිරීම සඳහා නීති විරෝධී ලෙස ඇඳ තිබූවිදුලි රැහැනක පැටලී මවක්  මියගොස් මිය ගොස් ඇයගේ දියණිය හා පුතාටද විදුලි සැර වැදී ඇති බව කළ කුරුණෑගල,  තලමල්ගම  පොලීසිය පවසයි.

නිවසේ සුරතලයට ඇති කළ බැල්ලිය අතුරුදන්ව සිටීම නිසාඉවත් බැල්ලිය ගැන සොයා බැලීමට මව දියණිය සහ පුතා ගිය අවස්ථාවේ අනවසරයෙන් ඇද තිබූ මෙම විදුලි  පැටලී ඇති බව පොලිසිය කියයි.

විදුලි සැර වැදීම නිසා මෙසේ මියගොස් ඇත්තේනාගොල්ලාගම තිඹිරි  වැව ප්‍රදේශයේ පදිංචිව සිටි ආර් .එම් බිසෝ මැණිකේ නැමැති නැමැති 58 හැවිරිදි කාන්තාවකි .

වල් ඌරන් දඩයම් කිරීම සඳහා අනවසර විදුලි රැහැනක ඇද්ද බව  කියන 56 හැවිරිදි ගොවිතැන් කර ජීවිකාව ගෙන යන අයකු  සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *