ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිකරන්නේ නම් ඒ පිළිබඳ ජනමත විමසුමක් පවත්වා ජනතා කැමැත්ත විමසිය යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
ඉන්දියාවෙන් අපේ රටට ප්‍රශ්න ඕනෑ තරම් ඇති බවත් ඔවුන්ගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි යැයි බලකළ බවත් අගරදගුරුතුමා කීහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා මෙසේ ද පැවසූහ.
“පරිප්පු ගෙනත් දැම්මා එක කාලෙක. හමුදාවක් එව්වා. ඔබට මතකයි බල කරලා ඒවා අපේ කර උඩ පැටෙව්වා. තව පාලමකුත් හදාගත්තාම හොඳට තියෙයි. කවුද මේ මෝඩ කථා කියන්නේ. අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාවත් අපි කිසිම රාජ්‍යයක වහල්ලු වෙලා ඉඳලා නෑ. වෙන රටකින් කැඩිලා ගියේ නෑ. ශ්‍රී ලංකාව අතීතයේ සිටම තිබුණේ වෙනම’.
රාගම තේවත්ත ජාතික බැසිලිකාවේ පැවැති දේව මෙහෙයමකට එක්වෙමින් කාදිනල් හිමියෝ එසේ පැවසූහ.