ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (30) ආරම්භ වීමට නියමිතය.

තරගාවලිය සඳහා “ඒ” කාණ්ඩය යටතේ ඉන්දියාව, නේපාලය සහ පකිස්ථානය සහභාගී වන අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, සහ ශ්‍රී ලංකාව “බී” කාණ්ඩය යටතේ සහභාගී වේ.

පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ දී තරගාවලිය පැවැත්වීමට නියමිතය.

පළමු තරගය හෙට පකිස්තානය සහ නේපාලය අතර දිවා රාත්‍රී තරගයක් ලෙස පාකිස්තානයේ මුල්තාන්හි දී පැවැත් වේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අනිද්දා පල්ලෙකැලේ ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *