පාතාලයට ආණ්ඩුවෙන් රතු එළි-මාස 6 න් සුන්

ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සිදු කරන වැටලීම්වලදී ඔවුන්ට වෙඩි තැබිමට උත්සහ කරන පාතාල සාමාජිකයින්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. 

පාතාලය මර්දනය කිරීමට මේවනවිට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ පාතාලය ඒකාබද්ධ වී ඇති බවත් එය මර්දනය කිරීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කියා සිටියා.

පොලිස් දෙපාර්තමේන්තුව මේවනවිට දේශපාලනයෙන් තොර ආයතනයක් ලෙස කටයුතු කරන බව හා රටේ නීතිය, ආධිපත්‍ය උපරිමයෙන් සුරැකිමට පොලිස් දෙපාර්තම්න්තුව කැප වී සිටින බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *