ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Sheikh) හිදී නොවැම්බර් 6 සිට 18 දක්වා පැවැත්වීමට නියමිත COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් අද (06) පෙරවරුවේ පිටත්ව ගියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා දේශගුණික විපර්යාස ගැටලු පිළිබඳ සමුළුවේ කටයුතු සඳහා 07 සහ 08 දෙදින තුළ සහභාගී වන අතර එම සමුළුව ඇමතීමට ද නියමිතය.
මෙයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය ආහාර සුරක්ෂිතතා සමුළුවට සහ ලෝක නායකයින්ගේ සමුළුවට ද සහභාගී වනු ඇත.
COP 27 හි දී, පැරිස් ගිවිසුම සහ සම්මුතිය යටතේ එකඟ වූ පරිදි ලෝකයේ සාමූහික දේශගුණික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට රටවල් එකතු වේ.
පසුගිය වසරේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ (Glasgow) හි පැවැති COP 26 හි සමුළුවේදී සාකච්ඡා කළ සම්මුතීන් පැරිස් ගිවිසුමට අනුකූලව ඉටු කර ගැනීමට හා ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතය.