ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 94.45 දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 87.90 දක්වාත් අඩුවී තිබේ.
ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩුවීමත්, එක්සත් ජනපදයේ පොලි අනුපාත නැවත වරක් වැඩි වෙතැයි යන අනුමානයත් සහ ඉදිරියේ එලෙඹෙතැයි අපේක්ෂිත ආර්ථික අවපාතයක් නිසා නිසා යැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.