ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් සියයට 80කට ආසන්න ප්‍රමාණයක මේ වනවිට ඉන්ධන අවසන් වී තිබෙන අතර මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම්ද දක්නට ලැබුණි.
ඉකුත් පළමුවනදා සිදුවීමට නියමිතව තිබූ මිල සංශෝධනය හේතුවෙන් පිරවුම්හල් හිමියන් අවශ්‍ය පරිදි ඉන්ධන ඇණවුම් නොකළ බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සදනායක වැඩිදුරටත් පැවසුවේ.
කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ මෙම සතිය තුළ ඉන්ධන මිල පහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් ඉන්ධන සංස්ථාව සතුව පවතින බැවින් ඉන්ධන ඇණවුම් කරන ලෙසටද අමාත්‍යවරයා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලීමක්ද කළා.