සතොස පරිප්පු ,පිටි ,සැමන් මිල පහල දමයි

අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක මිල ගණන් අද සිට අඩු කළ බව ලංකා සතොස පවසනවා. ඒ අනුව රුපියල් 17කින් අඩු කළ රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 398ක් වන බවයි ලංකා සතොස පැවසුවේ.

එමෙන්ම තිරිගු පිටි කිලෝවක් රුපියල් 96කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 279ක් වනවා. වියළි හාල් මැස්සන් කිලෝවක් අඩුකර ඇත්තේ රුපියල් 200කින්. එහි නව මිල වන්නේ රුපියල් 1,300ක්.

ග්‍රෑම් 425ක බරකින් යුත් ටින් මාළු එකක මිල රුපියල් 105කින් අඩු කර ඇති අතර එහි නවමිල රුපියල් 585ක් වනවා.  සුදු සීනි කිලෝග්‍රෑමයක්ද රුපියල් 22කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 238ක් වන බවයි ලංකා සතොස වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *