සෞදි අරාබියේ ඇබෑර්තු රාශියක් ඇති හෙයින් සුදුසුකම්ලත් ශ්‍රී ලංකිකයන්ගෙන් තොරතුරු රැස්කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.
ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ ප්‍රමාණ සමීක්ෂයන් සඳහා මෙම ඇබෑර්තු ඇති අතර, එරට ආරම්භ කිරීමට සැලසුම්කර ඇති දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතියක වෘත්තීය රැකියා අවස්ථා ලබාගැනීමට කැමති වෘත්තිකයන්ට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.
ඒ සදහා මේ මස 5 වැනි දිනට පෙර www.slbfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධකර ඇති තොරතුරුවලට අනුව ලියාපදිංචි විය යුතු බව ද එම කාර්යංශය වැඩිදුරටත් පවසයි