ඉදිරි අය – වැය ලේඛනයෙන් සෞඛ්‍ය සඳහා රුපියල් කෝටි 43200ක් ද අධ්‍යාපනය සඳහා රුපියල් කෝටි 50400ක්ද වෙන්කර තිබෙන බව මුදල් රාජ්‍ය අමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මීට අමතරව ආරක්ෂක වියදම් සඳහා රුපියල් කෝටි 36700ක් ඇස්තමේන්තුකර ඇතැයි ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියයි.
සමෘද්ධි, මහජන ආධාර ආදිය ලබාදීම වෙනුවෙන් හෙවත් සමාජ ආරක්ෂණය වෙනුවෙන් රුපියල් කෝටි 57200ක් 2023 අය වැය ලේඛනයෙන් වෙන්කර තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
රාජ්‍ය ආදායම සියයට 8.5 සිට සියයට 13 දක්වා වර්ධනය කර ගැනීමටත් රාජ්‍ය ආදායමෙන් සියයට 90ක්ම බදු ආදායම ලබා ගැනීමටත් අය වැයෙන් යෝජනා කෙරෙන බව ද ඇමැතිවරයා පවසයි.
ශ්‍රී ලංකාවේ පවතින සියයට -8ක ආර්ථික වර්ධනය ඉදිරියේදී සියයට -3 දක්වා ඉහළ නංවා ගැනීමට අපෙක්ෂා කරන බව ද හෙතෙම කීවේය.2023 අය වැය ලේඛණයෙන් එම වසරේ රජයේ සමස්ත විදයම රුපියල් කෝටි 788500ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන බව ද සියඹලාපිටිය මහතා පැවැසීය.