රජය සයිටම් මුදලාලිට හිතුමතේ කෝටි 218 ක් දීලා

සයිටම් ආයතනය සමග හෝ නෙවිල් ප්‍රනාන්දු රෝහල සමග කිසිදු ගිවිසුමකට එළඹීමකින් තොරව 2017 වසරේ සිට 2022 දක්වා කාලයේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් කෝටි 218ක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.

නෙවිල් ප්‍රනාන්දු රෝහල අනුකල් බදු පදනම යටතේ දස වසරකට රජයට පවරා ගැනීම සඳහා ගිවිසුමකට එළැඹීමට 2017 ජූනි 5 වැනි දා කැබිනට් අනුමැතිය ද ලැබී තිබුණ ද 2022 ජනවාරි 31 දක්වා එවැනි ගිවිසුමකට අත්සන් කර නැතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවට අනුව එලෙස ගිවිසුමකට එළඹුණේ නම් නෙවිල් ප්‍රනාන්දු රෝහල දසවසරකට රජයට හිමිවන අතර එසේ හිමිවන්නේ එම රෝහල ලංකා බැංකුවට ගෙවීමට ඇති රුපියල් කෝටි 101ක ගෙවා අවසන් වූ පසුව බව ද එහි සඳහන් කර ඇත.

විගණන වාර්තාවේ දැක්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය නෙපිල් ප්‍රනාන්දු රෝහලේ වියදම් පියවා ගැනීමට ඉහත ගෙවීම් කර තිබෙන්නේ එවැනි කිසිදු ගිවිසුමකට එළමීමකින් තොරව බව ද කියැවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *