මධ්‍යපානේ නර්තනයේ විනය පරීක්ෂණය අත්හිටුවයි 

මීගමුව කදිරාන කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියකගේ නර්තනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පළව තිබූ සිද්ධියට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් පවසනවා. 

බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමිනුයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඒ බව දන්වා ඇත්තේ. 

සමාජ මාධ්‍ය ජාලාවල පළවූ එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයාබලා වාර්තා කරන ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී තිබුණා. 

ඒ අනුව එහි වාර්තාව තමන් වෙත ලැබුණු බවත් අදාළ සිදුවීම ළමා දිනය වෙනුවෙන් ගුරුවරුන්ගේ හා සිසුන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ සාමූහික ක්‍රියාවක් බවත් එම වාර්තාව අනුව පෙනී යන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා යැවූ එම ලිපියේ වැඩිදුරටත් සදහන් වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *