බන්ධනාගාර නිලධාරීන් භාරයට ගත් තිළිණි ප්‍රියමාලි සන්තකයේ තිබූ ජංගම දුරකථනය වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන්ද විමර්ශන දෙකක් සිදු කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ. එම එක් විමර්ශනයක් සිදු කරනු ලබන්නේ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන්. අනෙක් විමර්ශනය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය හෙවත් බන්ධනාගාර බුද්ධි අංශය විසින් සිදු කරනු ලබනවා.
තිළිණි ප්‍රියමාලි රදවා සිටින්නේ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැදවියන් රදවා සිටින වාට්ටුවේ එක් සිර මැදිරියකයි. සැකකාරිය සතුව තිබී ජංගම දුරකථනය සොයා ගැනුණේ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ඊයේ රාත්‍රියේ එම සිරමැදිරියේ සිදුකළ වැටලීමකදීයි.
දැනට සිදු කර ඇති විමර්ශනවලදී සැකකාර තිළිණි ප්‍රියමාලි පවසා ඇත්තේ එම