සනීපාරක්ෂක තුවා සදහා අමුද්‍රව්‍ය ආනයනය බදුවලින් නිදහස්

දේශීයව නිශ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සදහා අමුද්‍රව්‍ය ආනයනය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඔක්තෝබර් 7වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි එහි සදහන් වන්නේ.

ඒ අනුව දේශීය සනීපාරක්ෂක තුවා නිශ්පාදනය කිරීමට අවශ්‍ය පොලිඑතලීන් සහ පොලිප්‍රොප්ලීන් පටල යටතේ වර්ගීකරණය වන අමුද්‍රව්‍ය මෙලෙස ආනයන බදු වලින් නිදහස් කර තිබෙනවා. එම අමුද්‍රව්‍ය කර්මාන්ත විෂයභාර අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශ මත රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය යටතේ බදුවලින් නිදහස්ව ආනයනය කිරීමට හැකියාව පවතිනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *