සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දී සිටින අපහසුතාව පිළිබඳව අවධානය යොමු කරමින් සිමෙන්ති සමාගමක් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 100 කින් අඩු වේ.
මේ අතර තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 13 කින් ඉහල දමා ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව අවම මිළකට පවතින තිරිඟු පිටි කිලෝව රුපියල් 270 සිට 283 දක්වා මිලකට අලෙවි වන බව ජයවර්ධන මහතා පැවසීය.
කෙසේ වෙතත් පාන් ඇතුලු බේකරි නිශ්පාදන, ඇතුලු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් ඔහු පැවසීය.
තිරිඟු පිටි මිළ අඩු කරන බවට වෙළඳ අමාත්‍යවරයා දුන් පොරොන්දුව ඉටු කරන තෙක් බලා සිටින බවත් ජයවර්ධන මහතා තවදුරටත් කීවේය.