කංසා ආයුර්වේද නිෂ්පාදන ලෙස නීතිගත කිරීමට අදාළ නීති සකස් කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
එම නීතී කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
සිසිර ජයකොඩි මහතා මෙසේද පැවසීය.
“නීතියක් නැතුව එක එක්කෙනාට අවශ්‍ය විදියට නීති වෙනස් කරන්න බෑ. අපේ රටේ විෂ, අබිං, මත්ද්‍රව්‍ය පිළිබඳ පනත් තියෙනවා. ඒ පනත්වලට ඒවා පටහැනියි. ඒ නිසා එක එක්කෙනාට ඉබාගාතේ කංසා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්න අයිතියක් නෑ. ඒ වගේම රටට හානියක් වෙන්න දෙන්නත් බෑ. මේවා විනෝදාස්වාදය සඳහා යොදා ගන්න බෑ. මේවායේ අතුරු ප්‍රතිඵල එන්නේ මරුජුවානා විදියට ඒ නිසා මත්ද්‍රව්‍යවලට තරුණයින් යොමු කරන්න ඉඩදෙන්න, රාත්‍රී සමාජ ශාලාවල මේවා භාවිත කරන්න ඉඩදෙන්න ඒ නීතියට අපිට පුළුවන් කමක් නෑ.ආයුර්වේද නිෂ්පාදන විදියට ආයුර්වේදය යොදාගෙන එය දියුණු කර ලෝක වෙළඳපොළටඉදිරිපත් කර කිසියම් ලාභයක් ලබන්න අපට පුළුවන්.