උතුරු කොරියානු මිසයිලයකින් ජපානය කැළඹේ


උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ජපානයේ උතුරු කොටසට ඉහළින් එලෙස එල්ලකර ඇත්තේ මැදිදුර බැලැස්ටික් මිසයිලයක් බවටයි සැකකෙරෙන්නේ.
 
එම සිද්ධියත් සමඟ ජපාන බලධාරීන් ජපානයේ උතුරු කොටසේ ජනතාවට ආර්කෂිත ස්ථානවලට යන ලෙස දැන්වීමට පියවර ගෙන ඇති අතර දුම්රිය සේවාවන් ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ජපානයට ඉහළින් ගමන් කළ එම මිසයිලය ජපානයේ සිට කිලෝමීටර් 3,000 ක් පමණ දුරින් පැසිෆික් සාගරයට වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් එම මිසයිල ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බවද එම වාර්තාවල දැක්වෙනවා.
 
ජපාන අග්‍රාමාත්‍ය ෆොමියෝ කිෂිඩා විසින් උතුරු කොරියාවේ එම ක්‍රියාව දැඩිව හෙළා දැක ඇති අතර ජපාන ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් ද කැඳවා තිබෙනවා.
 
උතුරු කොරියාව ජපානයට ඉහළින් එලෙස මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2017 වසරෙන් පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *