ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සදහා සාත්තු සේවක අංශයේ ජපන් රැකියා දහසක්

ජපානයේ සංචාරයක නිරත කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර වෙත එම සහතික ලබා දී ඇත්තේ ජපානය තුළ විදේශ රැකියා පහසුකම් ලබාදෙන ප්‍රමුඛතම ආයතනයක් වන ජීටීඑන් නැමැති ආයතනය විසින්.

එම ආයතනය මගින් මේවනවිට විදේශීය ශ්‍රමිකයන් තුන්ලක්ෂ පනස්දහසකට වැඩි පිරිසකට ජපානයේ රැකියා ලබාදී තිබෙනවා. මෙම වසර තුළද කඩිනමින් සාත්තු සේවකයින් 150 දෙනෙකු ජපන් රැකියා සදහා බදවා ගැනීමට එම ආයතනය එකගතාව පළ කර ඇති බවයි කම්කරු  හා විදේශ රැකියා අමාත්‍යාංශය සදහන් කළේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *