කෘෂිකර්මය විනාශ කලේ පාදෙණියයි..- GMOA ලේකම්

මෙරට කෘෂිකර්මාන්තයේ පරිහානියට වගකිව යුතු වන්නේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මිස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නොවන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

පාදෙණිය මහතා සංගමයේ සභාපතිවරයාව සිටි කාලයේදී සංගමය තුළ ප්‍රශ්න රැසක් ඇති වූ බව ද හෙතෙම පවසයි.

පසුගිය කාලයේ තම සංගමය සිදු කළේ වෛද්‍ය වෘත්තිය සමිතියකට අදාල නැති වැඩ බවද පවසන ඔහු අද ඒ හේතුවෙන් මුළු රටකටම වන්දි ගෙවන්නට සිදුව ඇතැයිද සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *