පාසල් නිල ඇඳුම් සියයට හැත්තෑවක් චීනයෙන් දෙයි

2023 වසර සඳහා සදහා පාසල් සිසු සිසුවියන්ට අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක් චීන රජයෙන්  ලබාදීමට එකඟතාව පළකර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී  පැවැසීය.

ඉතිරි  30% දේශීය වශයෙන් සපයා ගැනීමට කටයුතු කරන බව කී අධ්‍යාපන අමාත්‍යවරයා ඒ අනුව ලබන ජනවාරියේ දී ම පාසල් නිල ඇඳුම් ලබා දීමට හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *