ජොන්ස්ටන් රෝහිත මහින්දානන්ද ඇතුළු තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (03) දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
10 දෙනෙකු කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත අතර මේ අය සර්ව පාක්ෂිකව නොව එක් පක්ෂයකින් පමණක්තෝරාගත් අයයි. එනම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තෝරාගත් අයයි.
මෙලෙස දිවුරුම් දීමට නියමිත අමාත්‍යවරුන් අතර ජොන්ස්ටන් රෝහිත මහින්දානන්ද හා නාමල් රාජපක්ෂද මුලින් සිටි අතර නාමල් සිය කැමැත්තෙන් ඉවත්වූ බවට දේශපාලන ආරංචි වාර්තා කළේය