ජනපති රනිල් උමන්දාවේ සංචාරයක -(ඡයාරූප)

එම ආයතනය නිවේදනය කරන්නේ එහිදී ජනාධිපතිවරයා රටේ පවතින ආර්ථික අර්බුදයට කෘෂිකාර්මික අපනයන ආශ්‍රිත කර්මාන්ත නගා සිටුවීම පිළිබඳව සාකච්ඡා කළ බවයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් 02දින උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය හා එම වැඩපිළිවෙළ දැකබලාගැනිම සදහා එක්විණි.

උමන්දාව විශ්ව ගම්මානය සංකල්පය ට අනුව ජාත්‍යන්තර කෘෂි විද්‍යාලයක් පිහිටුවීමටත් උමන්දාව වැනි ගම්මාන දෙකක් දිවයිනේ උතුරේ සහ දකුණේ පිහිටුවීමටත් මෙහි දී සිරි සමන්තබද්‍ර හිමි සමඟ සාකච්ඡා කළේය.

රටේ පවතින ආර්ථික අර්බුදයට කෘෂිකාර්මික හා අපනයන ආශිත කර්මාන්ත නගා සිටුවිමේ පිලිබදවද මෙහිදි සාකච්ඡා කෙරිණි
මෙම සංචාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාද එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *