ජපනුන්ගේ ශීලාචාරකම් අවසන් ?

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට එරෙහි උද්ඝෝෂණයක් පිළිබඳ අනපේක්ෂිත තොරතුරක් අද ටෝකියෝ නුවරින් වාර්තා වුණා.ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා සදහන් කල පරිදි විරෝධතා පුවරු සියල්ලෙහිම පාහේ “We say no to state funeral “යනුවෙන් ලියා තිබූණි.
විරෝධතාකරුවන් මෙසේ විරෝධය පල කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේගේ අවමංගල්‍ය උත්සවය සදහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට එරෙහිවයි.විරෝධතාකරුවන්ගේ මූලික තර්කය වී ඇත්තේ ජපානයේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීම රජ පවුලට පමණක් හිමි විශේෂ වරප්‍රසාදයක් බවයි.

කෙසේ වෙතත් ජපානය වැනි ඉතාම විනයගරුක ශීලාචාර සමාජක් තම රටේ හිටපු කීර්තිමත්ම රාජ්‍ය නායකයෙකුගේ අවසන් මොහොත හමුවේ මෙලෙස හැසිරීම සම්බන්ධයෙන් ලොව පුරා සමාජ විශ්ලේෂකයින් රැසක් විමතිය පල කර ඇත.ෂින්ෂෝ අබේ නූතන ජපානයේ ජාතිකවාදී නායකයින් අතර ජනප්‍රියම නායකයා වූ අතර තම රට පිළිබඳව වූ විශේෂ අභිමානයක් ප්‍රවර්ධනය කල ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ලෝක දේශපාලනයේ දැඩි කතා බහකට ලක්වූවකි.

ෂින්ෂෝ අබේ ඉතිහාස ගතවී ඇත්තේ වැඩිම කාලයක් ජපානයේ අග්‍රාමාත්‍ය දූරය දැරූ නායකයා ලෙසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *