විදෙස් සංචාරකයෝ මාළිගාවේ ඇතුන් නාවති


විදෙස් සංචාරකයෝ මාළිගාවේ ඇතුන් නාවති


ලෝක සංචාරක දිනය අද (27) ට යෙදී තිබූ අතර, ඒ නිමිත්තෙන් විදෙස් සංචාරකයන්ට වෙමින් නවමු අත්දැකීමක් ලබාදීමට මහනුවර දළඳා මාළිගය පියවර ගෙන තිබිණි.

ඒ මාළිගාවේ ඇත් පන්තියේ ඇතුන් නෑවීමේ කටයුතුවලට සම්බන්ධවීමේ අවස්ථාව ඔවුන්ට ලබාදෙමිනි.

දළඳා මාළිගාවේ ඇත් පන්තියේ ‘පුලතිසි රාජා’ හස්තියා නෑවීමට මෙන්ම ‘මියන් රාජා’ හස්තියා සමඟ ඡායාරූප ලබාගැනීමට ද සංචාරකයන්ට අවස්ථාව උදා වූ අතර ඔවුන් ඉතා උද්යෝගයෙන් මෙම කටයුතුවලට එක්ව සිටිනු දක්නට ලැබිණි.

මෙම අවස්ථාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ද එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *