මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මේවනවිට සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ පස්වරුවේ දුම්රියක එන්ජිමක් පීලිපැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබුණා. එම දුම්රිය එන්ජිම පීලි ගත කර ඊයේ දිනයේම ඉවත් කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ.