කාම්බෝජයෙන් ශ්‍රී ලංකාවට මිලියන 24ක්

මෙරට හා කාම්බෝජයේ සංඝරාජ, පූජ්‍ය ටෙප් වොං නායක හිමිපාණන් ප්‍රමුඛ කාම්බෝජ භික්ෂූන් වහන්සේ පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවි ආශිර්වාදය ප්‍රකාශ කළහ.

සංඝරාජ හිමියන් ශ්‍රී ලංකාවේ ජනතාවට සහන සැලසීම සඳහා අරමුදල් රැස්කිරීමක් ආරම්භ කළ අතර සුබසාධන කටයුතු සඳහා රුපියල් මිලියන 24 ක මුදලක් රජයට පරිත්‍යාග කලේය.

කාම්බෝජයේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක අධ්‍යක්ෂ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි, කාශ්‍යප හිමි, නොම් පෙන් බෞද්ධ විහාරයේ රාහුල හිමි ඇතුළු කාම්බෝජයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් මෙම අවස්ථාවට සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *