22 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නෑ- ශ්‍රේෂ්ඨාධිකරණය

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම වගන්ති සංශෝධනය නොකරන්නේ නම් ඒවා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනපත විචාරණයකින් සම්මත කළ යුතු බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සභාවට දැනුම් දෙමින් මෙම කරුණු අනාවරණ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *