හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් යැයි කියන ඇඹිලිපිටිය කොලොන්න ගොන්ගලකන්ද කැලෑවේ ඉදිකර තිබු හෝටලයකට පහර දී ගිනි තබා එහි භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් සිවිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
මෙම සැකකරුවන් ඉකුත් 22 -23 යන දිනයන් හි කොලොන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය මුලස්ථානය කියයි.
අරගලකරුවන්ට ඉකුත් මැයි මස 09 දින එල්ල වු ප්‍රහාරයට විරුද්ධව රටපුරා ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වු අතර,එම සිදුවීම් වලට සමගාමීව කොලොන්න ප්‍රදේශයේ පිරිසක් ඉහත හෝටලයට පහර දී අලාභ හානි සිදුකර , එහි දේපළ සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
එම පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර සැකකරුන් සිවිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොලොන්න ප්‍රදේශයේ පදිංචි වයස අව්රුදු 25-50 අතර පුද්ගලයන් බවද පොලිසිය පවසයි.