IMF නියෝජිතයන් සමඟ සාකච්චා යලි ඇරඹේ

දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා. එම සාකච්ඡාව පැවැත්වෙන්නේ මහබැංකු පරිශ්‍රයේදියි.

ඊට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ තවත් නිලධාරීන් පිරිසක් එක්ව සිටින බවයි වාර්තා වූණේ. දෙපාර්ශවය අතර තාක්ෂණික මට්ටමේ සාකච්ඡා මෙලෙස ආරම්භ වී තිබෙනවා.

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස ලබන 31 වනදා දක්වා මෙරට රැදී සිටිනු ඇති.

ණය ප්‍රතිව්‍යුවහ ගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කාර්යය මණ්ඩල මට්ටමේ එකගතාවකට පැමිණීම සහ එහි ප්‍රගතිය විමසීම මෙම සංචාරයේ අරමුණ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර නිවේදනය කළා.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *