බඩඉරිඟු ගොවීන්ට පොහොර ඔන්ලයින් හරහා…

මහ කන්නයේ බඩ ඉරිගු වගා කරන ගොවීන්ට යුරියා පොහොර ලබා දීම සඳහා  ඔන්ලයින් ලියාපදිංචි කිරීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

www.agrarian.lk වෙබ් අඩවිය ඔස්සේ ගොවීන්ට ඔන්ලයින් ලියාපදිංචි වීමට අවස්ථාව සලසා ඇත.

2022/23 මහ කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවි ජනතාවට යුරියා පොහොර ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ. යල කන්නයේ වී වගා කරන ලද ගොවීන්ට යුරියා පොහොර ලබා දුන් මිල වන කිලෝ ග්‍රෑම් 50ක යුරියා මිටියක් රුපියල් 10,000ක මිලට බඩඉරිඟු ගොවීන්ට ද ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *