වගා හානි කරන නිසා දඬුලේනා ‘ජාතික සත්වයා’ තනතුරෙන් ඉවතට…

දැනට මෙරට ජාතික සත්වයා ලෙස නම් කර ඇති දඬුලේනා වෙනුවට වෙනත් සතෙකු නම් කිරීමට සාකච්ඡා කරමින් සිටින බව වනජීවි හා කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

වගාවන්ට විශාල වශයෙන් හානිකරන සත්යවකු වන දඬුලේනාගෙන් වගා හානි අවම කිරීමේ දී එම සත්වයා ජාතික සත්වයා ලෙස නම් කර තිබීම ගැටලුවක් වී ඇති බව ඇමතිවරයා පැවසීය.

මෙරටට ආවේණික දිවියා වැනි වෙනත් සතෙකු ජාතික සත්වයා ලෙස නම් කිරීමට හැකි දැයි යන්න ගැන ඉදිරියේදී තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් සදහන් කලේය.වගාවන්ට සතුන්ගෙන් සිදුවුන අස්වනු හානි අවම කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට සකස් කරමින් ඇතැයිද හෙතෙම කියා සිටියේය.

One thought on “වගා හානි කරන නිසා දඬුලේනා ‘ජාතික සත්වයා’ තනතුරෙන් ඉවතට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *