ඕස්ට්‍රේලියාවේ කැන්බරා ගුවන් තොටුපළේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ගුවන් තොටුපලේ මගීන් පරීක්ෂා කෙරෙන ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. සැකකරු වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමග මගීන් බියෙන් පළාගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එම අවස්ථාවේදීම ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබූ ගිනි අවිය ද සිය භාරයට ගෙන තිබෙනවා.
කෙසේවෙතත් සැකකරු විසින් කුමන පදනමක් යටතේ මෙම ප්‍රහාරය එල්ල කළේ ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. සැකකරු විසින් වෙඩි ප්‍රහාර 05 ක් පමණ එල්ල කර ඇති අතර ඉන් ගුවන් තොටුපළේ වීදුරුවලට හානි සිදුව ඇති බව ද සඳහන්.
කෙසේවෙතත් වෙඩි තැබීමෙන් කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ප්‍රහාරයෙන් අනතුරුව කැන්බරා ගුවන් තොටුපලේ කොටසක් වසා දමා තිබූ නමුත් මේවනවිට ගුවන් තොටුපළේ මෙහෙයුම් අකටයුතු ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. කැන්බරා ගුවන් තොටුපළේ ආරක්ෂාව තර කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
I wanted to thank you for this fantastic read!! I certainly enjoyed every little bit of it. I have got you saved as a favorite to check out new stuff you postÖ