ප්‍රධාන පෙළේ පාතාල නායකයකු ලෙස සැලකෙන චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ ඩුබායි ගුවන්තොටුපොලේ දී එරට ආගමන විගමන නිලධාරින් විසින් ඊයේ 11 සවස අත්අඩංගුවට ගෙන තිබේ.ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු ලෙස සැලකෙන ඔහුෙ‘මිදිගම චින්තක‘ යනුවෙන්ද හදුන්වනු ලැබේ. හරකෙකුගේ මුඛයට සමාන ලෙස මුඛය පිහිටීම නිසා හරක් කටා යයි නම පටබැදී තිබේ.
ඩුබායි සිට මැලේසියාවට පලා යෑමට පැමිණි අවස්ථාවේ මොහු බිරිය සමග මෙසේ ආගමන විගමන නිලධාරින්ගේ භාරයට පත්ව ඇත.
පසුගිය වකවානුවේ මෙරට සිදුවූ මනුෂ්‍ය ඝාතන 23 ක් පමණ හරක් කටා මෙහෙයවා ඇති බවට සැක කෙරේ.
වැලිගම මිදිගම පදිංචිකරුවකු වන හරක් කටා මීට වසර දෙකකට පමණ ඉහත දී විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කොට මෙරටින් ඩුබායි රටට පලාගොස් එරටේ සිට ඔහුගේ ගෝල බාලයින් මෙහෙයවමින් මිනීමැරුම් සහ මහ පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරමින් සිටියේය.
හරක් කටාගේ සහ ඔහුගේ බිරියගේ විදෙස් ගමන් බලපත්‍ර විස්තර ජාත්‍යන්තරයට නිකුත් කර තිබූ අතර රතු වරෙන්තුවට අදාළව අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
ඔහු ඩුබායිහි රදවා තැබීමෙන් පසු ශ්‍රී ලංකාවට භාරදෙනු ඇතැයි වාර්තාවේ.
I wanted to thank you for this fantastic read!! I certainly enjoyed every little bit of it. I have got you saved as a favorite to check out new stuff you postÖ