ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ වර්ධනය වන සමුද්‍ර ක්‍රියාකාරකම් මධ්‍යයේ සිය සබඳතා ශක්තිමත් කරමින්, එක්සත් ජනපදය සහ ඉන්දුනීසියානු හමුදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ දී ඒකාබද්ධ සටන් අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා
රටවල් කිහිපයක සහභාගීත්වයෙන් පැවති එම අභ්‍යාස සඳහා එක්සත් ජනපදය පළමු වරට සම්බන්ධ වූ බව විදෙස් මාධ්‍යවල සදහන්.
එක්සත් ජනපදය, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ සිංගප්පූරුව යන රටවලින් සොල්දාදුවන් 5,000 කට වැඩි පිරිසක් මෙම අභ්‍යාසය සඳහා සහභාගී වී තිබෙනවා.
අභ්‍යාස සැලසුම් කර ඇත්තේ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා අන්තර් ක්‍රියාකාරීත්වය, හැකියාව, විශ්වාසය සහ සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා බව ජකර්තා හි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
එය එක්සත් ජනපද-ඉන්දුනීසියාවේ බැඳීමේ සංකේතයක් සහ කලාපයේ ගොඩබිම් හමුදා අතර වර්ධනය වන සබඳතාවයක් බව එක්සත් ජනපද හමුදා පැසිෆික් කලාපයේ අණදෙන නිලධාරී, ජෙනරාල් චාල්ස් ෆ්ලින් ප්‍රකාශ කර තිබෙනවා.
යුද, නාවික, ගුවන් සහ නාවික අභ්‍යාස ඇතුළත් වන අභ්‍යාස අගෝස්තු 14 දක්වා පැවැත්වෙන බව සදහන්.
I wanted to thank you for this fantastic read!! I certainly enjoyed every little bit of it. I have got you saved as a favorite to check out new stuff you postÖ