කැන්ගරුවන්ගෙන් දරුවන්ට රුපියල් කෝටියක්

ශ්‍රී ලංකාවේ ඉකුත්දා තරග සංචාරයකට සහභාගි වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු ඩොලර් 45,000 ක මුදලක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. මෙම මුදල රුපියල් එක්කෝටි පහලොස් ලක්ෂයකට අධිකයි.        

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහනයක් ලෙයසි මෙම පරිත්‍යාගය සිදු කර ඇත්තේ. ඒ අනුව, ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහන සැළසීම මෙම මුදල බෙදාගනු ඇති. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මෙම මුදල් පරිග්‍යාගය ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා යුනිසෙෆ් ආයතනයට භාර දී ඇති බවයි. මෙම මුදල ලබාදීමට මුලිකත්වය ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායක ඒරොන් ෆින්ච් සහ ටෙස්ට් කණ්ඩායමේ නායක පැට් කමින්ස්. 

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රි ලංකා සංචාරය ලොව පුරා දැඩි කතා බහක් ඇති කළා. ඒ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් සිදු කළ උණුසුම් පිළිගැනීම හේතුවෙන්.

One thought on “කැන්ගරුවන්ගෙන් දරුවන්ට රුපියල් කෝටියක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *