චීන නැව බලෙන්ම ශ්‍රි ලංකාවට

ඉන්දියාවේ විරෝධය නොතකා ශ්‍රී ලංකාවේ ඉල්ලීමද නොසලකමින් චීනයේ ‘යුවාන් වැන් 05’ නෞකාව ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

අද වන විට එම නෞකාව ඉන්දුනීසියා මුහුදු සීමාවේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය බලා ගමන් කරමින් ඇති බව ඉන්දීය එන්.ඩී.ටී.වී. පුවත් සේවය පවසයි.

හම්බන්තොට වරායට ළඟා වීමට එම නෞකාව ස්ථානගත වෙමින් ඇති බව බ‍්‍රහස්පතින්දා පෙරවරු 09.30 වන විට එය හම්බන්තොටට ලගා වනු ඇති බවද එම වාර්තාව සදහන් කරයි.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය දැඩි විරෝධය එල්ල කර ඇති අතර එම හේතුව මත ශ්‍රී ලංකාවද චීන රජයෙන් ඉල්ලා ඇත්තේ එම නෞකාවේ ගමන මදක් පසු කරන ලෙසයි.

නමුත් චීන විදේශ කටයුතු අමාත්‍යංශය ඒ ගැන ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වලට ඉන්දියාව අත පෙවිය යුතු නැති බවත් ශ්‍රී ලංකාවට තම නොබැඳි ප්‍රතිපත්තිය අනුව තමන් කැමති රටක් සමග කටයුතු කිරීමට අයිතිය ඇති බවත්ය.

18,206 views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *